Thursday, May 5, 2011

බුදු අම්මෝ Training එක

අවුරුදු 2ක් පිස්සු කෙලෙ කෙලෙ ඉඳල ගියා training එකට.මහ විනාසයක් තමා උනේ.දන්න කියන එකෙක් වත් නෑ.මොනව කරන්න ද ඉතින් බොක්කෙ ‍ෆිට් එක කකුල් 2 ට අරගෙන ගියා ලොක්ක ගාවට.වෙලාව 8.00.ලොක්ක තාම ඇවිත් නෑ.8 10 ට ලොක්ක ආව.CV 1ක බලල කිව්ව ඔයාට Software Training එකක් දෙන්නම් කියල.විනාසයක මහත software Diploma එකක් තියන මට ඔකත් කජ්ජක් ද කියල හිතුන කියලද හිතන්නෙ?එහෙම හිතෙනවනම් මම Networking Training තෝරගන්නෙ නෑ නේ.මොනව කරන්න ද ඉතින් Access 2010 වලින් System එකක් හදන්න කිව්ව.කියල පරන හදපු එකක් දුන්න මේක Modify කරන්න කියල.කොල්ල ඉතින් ඔනදෙයක් වෙන්න කියල එකත් උස්සන් ගියා computer එක ලඟට.මොනා කරන්න ද එදා දවසම ඒ Access File එක බල බලා හිටිය.ඕන දෙයක් කියල අලුතින් system එක හදන්න පටන් ගත්තා.Share Point Server 1ත් එක්ක Access කරන්න ඕන නිසා RAM 1 එක 4GB කරල වින්ඩොස් 7 දාල දුන්නා.දැන් ඉතින් computer එක JET වගේ වැඩ.කොහොම හරි නෙට් එකෙන් search කරල පොඩ්ඩ ගෙන් Code අහගෙන සති 2ක් වෙන කොට වැඩේ ඉවර කරා.ලොක්ක කියනව තව තව දේවල් Add කරන්න කියලා.මල පනිනව ඉතින්.මම කිව්වා ASP.net වලින් කරල දෙන්න්නම් කියල.ලොක්ක හා කිව්ව.මම ඉල්ලන් කෑවද කියල හිතුන.ඉතුරු ටික පසුවට.දැන් නිදිමතයි!!!!